දේශීය

කොරෝනා රෝගීන්ගේ උපකාරයට සිසුවෙකු කල නිර්මාණයක්

(UTV |ඇඹිලිපිටිය ) – මේ අවස්තවේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට පාසැල් සිසුවෙකු සමත් වෙයි.

ඒ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකි.

මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් තේජන දෙව්මිණ(15) යන සිසුවා මෙම රොබෝ නිර්මාණය සිදු කර ඇත.

තේජන පවසන අන්දමට මෙම රො‍බෝ යන්ත්‍රයෙන් රෝගියාගේ ලේ සාම්පල්  ලබා ගැනීමට,රෝගියාට ඖෂධ ලබාදීමට,රෝගියා සමග දුරකතනයෙන් සම්බන්ධවී මුහුණ බලා කතාකිරීම සහ තවත් බොහෝ කාරණා මෙම රොබෝ යන්ත්‍රය තුලින් සිදුකල හැක.

මෙම කුඩා රොබෝ යන්ත්‍රය වැඩි දියුණු කර අවශ්‍ය කරණ විශාලත්වයෙන් නිර්මාණය කිරීම ඔහුගේ අදහස වේ.

තේජන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.අයි .ටී තාක්ෂණයය හදාරණ සිසුවෙකි.

මේ වන විට මෙය සැලවීමත් සමග  යුධ හමුදාව මගින් මෙම සිසුවාගේ  නිවසට ගොස් ඔහුව හෝමාගම පිහිටි යුධ හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වෙත සිසුවාගේ පියාත් සමග රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

Related posts

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු ගැන එජාපයෙන් නිවේදනයක්

Editor O

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment