දේශීය

අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්

(UTV | කොළඹ) – මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ද ඊයේ (31) ප්‍රකාශයට පත් කළේය.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු කාර්යය සාධක බලකාය සඳහා සාමාජිකයින් 26 දෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් විත්‍රානන්ද, නිපුනතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එම් අබේගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුවන් එහි සෙසු සාමාජිකයින් අතර වෙයි.

මීට අමතරව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම් කීර්තිරත්න, විශාකා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල, ගේට්වේ පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු පිරිසක් ද එම කාර්යය සාධක බලකායේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

Related posts

රාජ්‍ය ආයතන 4 කට පත්කල ප්‍රධානීන්ට පත්වීම්

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ලබන සඳුදා අධිකරණයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කාලගුණෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment