දේශීය

කොරෝනා වැළඳී ඇති බවට සැක කෙරෙන සාම්පල 1600 ක් පරීක්ෂාවට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ සාම්පල 1600 ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි.

තවත් සැක සහිත සාම්පල 60 ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.

කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනය බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වන අතර දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100 ක් පමණ වෙයි.

ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයන් 12 දෙනෙක් සේවයේ නිරතව සිටියි.

Related posts

ජනාධිපති කොමිසමෙන් මාධ්‍ය ආයතන වලට නියෝගයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටට

Mohamed Dilsad

නිවාඩු සමයේ “ඉ- තක්සලාව”සමග සම්බන්ධවන ලෙසට පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment