දේශීය

කොරෝනා මර්ධනය කිරීමට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 50 ක්

(UTV | කොළඹ) – මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වෛරසයේ මර්දන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්  වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පැවසීය.

සභාපතිවරයා කියා සිටියේ එම මුදල් නව කොරෝනා මර්දන කටයුතු සඳහා සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් ඒ සදහා මහජන නියෝජිතයින් ලෙස සියලු දෙනා මේ මොහතේ කැපවි සිටින බවයි.

මෙම මුදල් වෙන් කිරීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් වරයාගේ නිර්දේශය  සහ පළාත් ආණ්ඩුකාර තුමාගේ අනුමැතිය  ඉල්ලා ඇති  බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

Editor O

Leave a Comment