ව්‍යාපාරික

වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින කොරෝනා වසංගතය ත්ත්වය හේතුවෙන් ඉදිරියේදී  විදෙස් රටවල් වලින් ධාන්‍ය බෝග ආනයනය කල නොහැකි ත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා යොමුවීම වැදගත් බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙවර වී වගාව ආරම්භ කර ඇති ගොවීන්ට ජලය ලබා දීමට කටයුතු කරන බවත් , වී වගාවට අමතරව  මුං, කවුපි, බඩඉරිඟු ආදී ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙසද ගොවීන්ට දැනුම්දෙන බවද එම දෙපාර්තමේන්තුවේ ජානකී මීගස්තැන්නේ මහත්මිය පැවසුවාය .

Related posts

‍මාර්තු මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

පිටරට ෆයිනස් වලට සෙස් බද්දක්

Mohamed Dilsad

Leave a Comment