දේශීය

දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 දක්වා ඉහළ දමයි

(UTV | කොළඹ) –  ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති සමයේ දිවයිනම ආවරණය වන අයුරින් ස්ථාපිත කර තිබූ පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව 900 දක්වා ඉහළ දමා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර, ඊයේ (27) පස්වරු 6.00 ට අවසන් වූ කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4559 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මීට අමතරව හොරොව්පතාන – කිවුලේකඩ ප්‍රදේශයේ දේව මෙහෙයක් පවත්වමින් සිටි පුද්ගලයින් 80 දෙනෙකු අතුරින් 18 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර , පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.

Related posts

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

Mohamed Dilsad

ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment