ප්‍රමුඛ පුවත 1

ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු

(උදයම්,කොළඹ)  –  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරයි.

ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙනි.

නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

Related posts

NTJ මුදාගැනීම සඳහා අල්ලස් දීමට තැත් කළ සැකකරුට ඇප

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

දරු දුක නොදකින දරුවෝ

Mohamed Dilsad

Leave a Comment