ප්‍රමුඛ පුවත 1

ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු

(උදයම්,කොළඹ)  –  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරයි.

ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙනි.

නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

Related posts

සිංගප්පුරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රතන හිමීගේ සහාය ජනාධිපතිට

Mohamed Dilsad

Leave a Comment