දේශීය

දිවයිනේ සියලුම ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ද්‍රව්‍ය

(UTV | කොළඹ) –  දිවයින තුළ පවත්න තත්ත්වය හේතුවෙන් ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වයිසරය ව්‍යාප්තවීමේ බලපෑම හේතුවෙන් මෙම පියවර ගත් බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ළමා නිවාසවලට විවිධ පුද්ගලයන් ආධාර ලබාදීමට පෙළඹී ඇති බවද, එසේ වුවත් බාහිර පුද්ගලයන් ඒ සඳහා යොමුවීම තුළින් ළමුන් දැඩි අවධානම් සහගත තත්වයකට පත්වීමටද ඉඩ ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සඳහා සම්බන්ධ කරගත යුතු පළාත් කොමසාරිස්වරුන්ගේ නම් සහ දුරකතන අංක ද පහත දැක්වෙන එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්

Editor O

කොරෝනා රෝගීන් 7 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment