දේශීය

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

(UTV|දඹුල්ල) – යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහාය.

හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමඟ සහ ගොවීන් සමඟ කතා බහක නිරත විය.

එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවත්  ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.

 

Related posts

සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ට කදිරවේලු සන්මුගම් කුහදාසන්

Editor O

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment