දේශීය

සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක්

(UTV |කොළඹ ) – සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා මේ වනවිට බස් රථ 275කට වැඩි සංඛ්‍යාවක් ධාවයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ගාස්තු අය කිරීමකින් තොරව මෙම බස් රථ මගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය කිරීම සිදුවන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ එච් පණ්ඩුල සඳහන් කළේය.

ඇඳිරිනීතිය ක්‍රීයාත්මකවීම ආරම්භ වූ දින සිට රෝහල්වල ඉල්ලීම පරිදි මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ලංගම සූදානම් බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]

Mohamed Dilsad

මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment