දේශීය

සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක්

(UTV |කොළඹ ) – සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා මේ වනවිට බස් රථ 275කට වැඩි සංඛ්‍යාවක් ධාවයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ගාස්තු අය කිරීමකින් තොරව මෙම බස් රථ මගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය කිරීම සිදුවන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ එච් පණ්ඩුල සඳහන් කළේය.

ඇඳිරිනීතිය ක්‍රීයාත්මකවීම ආරම්භ වූ දින සිට රෝහල්වල ඉල්ලීම පරිදි මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ලංගම සූදානම් බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Editor O

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි

Mohamed Dilsad

Leave a Comment