දේශීයප්‍රමුඛ පුවත 1

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

(UTV |කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් එම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යනාදි කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්

Mohamed Dilsad

නව මහාභාරකාර ධුරයට නීතිඥ ගනේෂ් ධර්මවර්ධන

Mohamed Dilsad

”නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

Editor O

Leave a Comment