දේශීයප්‍රමුඛ පුවත 1

බූස්ස නාවික හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

(UTV |කොළඹ) –  බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

ඒ කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහාය.

බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙලෙස සූදානම් කර ඇත.

මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කරයි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.

 

Related posts

අද විදුලිය කැපෙන වේලාව මෙතැනින්

Mohamed Dilsad

ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

ආචාර්ය උපාධියක් හදාරන්න රජයේ සේවකයන්ට ලැබුණු අවසරය

Mohamed Dilsad

Leave a Comment