දේශීය

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – අද (17) දිනයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරන ආකාරයට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් අද දහවල් 12.00 සිට ඔවුන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවන බව සඳහන් වේ.

සියළු දුම්රිය ධාවනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ යෙදවීමට කටයුතු කරන අතර දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කළේය.

Related posts

කටාර් සිට පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්

Editor O

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment