ප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

(UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා රෝගයෙන් මිය ගිය සහ ආසදිතයින් ගණන ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට කොරෝනා කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන 7138කි. වෛරසය ආසාදිත වූ ගණන 1,81,580ක් වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන සියළුම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කරයි.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ජිනිවා නුවර ඊයේ(17) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගින්දර සමඟ අන්ධයන් ලෙස සටන් කළ නොහැකි බවයි.

එබැවින් සැක කටයුතු සියළු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කොට හඳුනා ගන්නා ආසාදිතයන් නිරෝධායනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියි.

Related posts

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

Mohamed Dilsad

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන හොයන්න පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment