දේශීය

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) –  සියලු දුම්රිය ස්ථානවල, ශ්‍රී  ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථවල මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම උදෙසා ඔවුන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයන ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ලබාදී තිබේ.

සියලුම දුම්රිය හා ලංගම බස් රථ අද (16) සිට නිරෝධායනයට ලක් කරන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගත් තීරණයට අනුව මෙම වැඩපිළිවෙළ අද සිට ආරම්භ කරන බවද සභාපතිවරයා පැවසීය.

පොදු ප්‍රවාහන සේවා සියල්ල නිරෝධායනයට ලක්කිරීමට තීරණය වී තිබුණද පෞද්ගලික බස් රථවල එම ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබඳ තවමත් වැඩපිළිවෙළක් නැතැයි පෞද්ගලික බස් සංගම් පවසා සිටියි.

Related posts

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

Mohamed Dilsad

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment