දේශීය

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV | කොළඹ) – රවී කරුණානායක ඇතුළු සිව් දෙනෙකු තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව රීට් ආඥා නියෝගයක් මඟින් අත්හිටුවන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම , මෙම පෙත්සම් විභාග කිරීම සදහා අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පත්කරනු ලැබීය.

එහි සාමාජිකයන් වන්නේ අභියනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් , සෝභිත රාජකරුණා හා ශිරාන් ගුණරත්න යන මහත්වරුනුයි.

රවී කරුණානායක ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් විභාගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

Related posts

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

Mohamed Dilsad

Leave a Comment