විදෙස්

මාලදිවයින පළමු කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවෙයි

(UTV | මාලදිවයින ) – ප්‍රථම වරට කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු මාලදිවයිනෙන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් බවයි.

එම ඉතාලි ජාතිකයා මේ වනවිට සිය රට බලා ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා වෛරස් ආසාදිතයන් දිවයින් දෙකක් නිරෝධායනයට ලක්කිරිමට මාලදිවයින් රජය තීරණය කළ බවත් ඉතාලියේ ගත කළ කිසිවෙකුට අද (08) සිට මාලදිවයිනට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Editor O

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment