ක්‍රීඩා

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි

(UTV | මෙල්බර්න්) – කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අවසන් තරග ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.30ට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ආරම්භ වෙයි.

විදෙස් මාධ්‍ය සදහන් කළේ ඉන්දීය කාන්තා කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවයි.

එනමුත්, කාන්තා විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශූරතාවය වැඩිම වාර ගණනකදී හිමි කර ගත් ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙන්නේ පස්වන වරටයි.

 

Related posts

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

Leave a Comment