ක්‍රීඩා

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

(UTV |නවසීලන්තය) – ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලිය 2022 ඔක්තෝබර් මස 08 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කර ඇත.    

ලෝක රග්බි සම්මේලනයේ සභාපති බිල් බියෝමන්ට් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ලෝක රග්බි සංගමය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලිය, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමිණි. ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලියේ සත්කාරකත්වය නවසීලන්තය විසින් දරනු ලබයි.

 

Related posts

තාවකාලිකව නතර කළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ ඇරඹේ

Mohamed Dilsad

ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ට

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment