දේශීය

කොළඹ ආපනශාලාවල ලබාදෙන තේ පිළිබඳ ගැටළු ඇත්නම් වහාම දැනුම් දෙන්න

(UTV | කොළඹ) – කොළඹ නගරය තුළ ආපනශාලා වලින් ලබාදෙන තේ වල රසය පිළිබදව පාරිභෝගිකයන්ට ගැටලු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙසට කොළඹ මහනගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකය දැනුම් දෙයි.

ඇතැම් ආපනශාලාවල තේ සැදීම සදහා කසළ තේ උපයෝගි කරගන්නා බවට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව එහි වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර කියා සිටියේය.

පසුගිය දා කසළ තේ කිලෝග්‍රෑම් 3000 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම තොගය කොළඹ නගරයේ ආපනශාලවලට බෙදාහැරීමට රැගෙන ආ බවයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් 0112 67 61 61 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව කොළඹ මහනගර සභාවේ වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර සදහන් කළේය.

Related posts

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

Mohamed Dilsad

සංචරණ නීති කැඩුවොත් වසර 6 ක සිර දඩුවම්

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment