දේශීය

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කිරීම හා ඒ සදහා පුද්ගලයන් පෙළඹවීමට උත්සහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබන 17 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) නියෝග කළේය.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ සමරදිවාකර මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් මස පොලිස් අත්අඩංගුවට පත්වුනේ කටුනායක ජයවර්ධනපුර ප්‍රදේශයේ නවාතැන්පලක රැදී සිටියදීයි.

Related posts

ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

Mohamed Dilsad

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment