දේශීය

පාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මෙනවිය අද (04) අවසර ලබා දුන්නේය

රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීරයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට මෙලෙස විදේශගතවීමට අධිකරණය අවසර ලබාදුන්නේ ඔහු කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.

හිටපු මන්ත්‍රීවරයා විදේශගතවීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධයක් පළ නොකළ අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූ, රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් වන නඩුව යළි මැයි මස 13 වනදා කැඳවීමට නියමිතයි.

මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයෙන් සඳහන් කළේ මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන බවයි

මෙම නඩුව නැවත මැයි මස 13 වනදා කැඳවීමට නියමිතයි.

Related posts

වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් [සජීවීව]

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් කවුද ?

Mohamed Dilsad

Leave a Comment