විදෙස්

ඇමරිකාවේ බලපෑ ටොනාඩෝවෙන් 25 ක් මරුට

(UTV | කොළඹ) – ඇමරිකාවේ බලපෑ ටොනාඩෝ තත්ත්වයෙන් පුද්ගලයින් 25 දෙනෙක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට ටෙනසි ප්‍රාන්තයට ඊයේ (03) රාත්‍රියේ විනාඩි කිහිපයක් තුළ ටොනාඩෝ දෙකක බලපෑම් එල්ල වූ බවයි.

මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි සහ නිවාස රැසකට අලාභ හානි සිදුවී තිබේ.

සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා එරට බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයන් ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති බවයි.

Related posts

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment