දේශීය

අපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයට

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අන්තර් ජාලයේ පළ වු ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

පොලීසිය පවසන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වීඩියෝව අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් ජාල ගත ආවේෂණ සිදු කරමින් මෙම සැකකරුවන් හඳුනා ගැනීමට උත්සහ දරනු ඇතැයි ද පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීම සඳහා අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වු වීඩියෝවේ සිටින වින්දිත දැරියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය බවද පොලීසිය පවසයි.

ඒ අනුව එම වීඩියෝවේ සිටින දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 077 78 78 414,071 82 64 024 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට පවසයි.

Related posts

දිවයින වටා මුහුද රළු වෙයි

Mohamed Dilsad

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

Leave a Comment