ක්‍රීඩාදේශීය

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලිය වලට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ එම තරගාවලි පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති හමුවකදීය.

ඒ අනුව බාලිකා පාසල්වල සිසුවියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන්වැලකී සිටිය යුතු බවට එහිදී උපදෙස් ලබා දී තිබේ.

තවද මත්ද්‍රව්‍ය,මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම, මහමඟ ගමන් කරන පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Related posts

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

‘ඉදිරි දින 10දී තෙල්-ගෑස් ගැටලුවට විසඳුමක්ලු’

Mohamed Dilsad

Leave a Comment