දේශීය

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 257ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ රාජගිරිය පොලිස් වසමේ කොස්වත්ත පාර, නෙලුම් පෙදෙසට හැරෙන හන්දිය අසළදීය.

ඊයේ රාත්‍රියේ (28) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙහිදී සැකකරු සතුව තිබී රුපියල් 40,120ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ත්‍රිරෝද රථයේ සිටි සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත

ඒ අනුව කලුපාවල ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 10ක් සමඟිනි.

ඔහු අවුරුදු 35ක් වු බොරැල්ල හා රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය තවදුරටත්

Editor O

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment