දේශීය

ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය

(UTV |නුවරඑළිය) – හැටන්, නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ රක්ෂිතයක හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව යොදා ගෙන තිබේ.

ඒ සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබාගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පෙරේදා (27) සිට මෙම ගින්න පැතිරෙමින් පවතින අතර පවතින වියළි කාලගුණය නිසා ගින්න මැඩ පැවැත්වීම දුෂ්කර වී තිබේ.

ගින්නෙන් අක්කර 25කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තාවේ.

Related posts

තිරුකුමරන් නඩේෂන්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment