විදෙස්

සිරියාව එල්ල කල ප්‍රහාරයෙන් තුර්කි භටයන් 33 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – සිරියානු හමුදාව විසින් එරට වයඹදිග කලාපයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි භටයන් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් ඉඩ්ලිබ් පළාතෙන් වාර්තා වන බවත් මේ හේතුවෙන් කලාපයේ ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සිදුවීමෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යළි තුර්කිය වෙත ගෙන ගොස් ඇත.

මෑත කාලයේදී සිදුවූ ප්‍රහාරවලින් දිනක් තුළ වැඩිම තුර්කි භටයන් පිරිසක් මියගිය පළමු අවස්ථාව මෙය බව සඳහන්.

 

Related posts

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඊශ්‍රායලය දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment