දේශීය

නුවරඑළියේ ගවමස් අලෙවිය තහනම්

(UTV |නුවරඑළිය) – අද (27)  සිට නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.

ඒ මුඛ සහ කුර රෝග පැතිර යාමේ අවදානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කළ ලිඛිත දැනුම් දීමකට අනුවය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නුවරඑළිය, කොත්මලේ, අඹගමුව, වලපනේ, හඟුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මේ වන විට මුඛ සහ කුර රෝග පැතිරි යන බවයි.

ඒ අනුව රෝගය ව්‍යාප්ත වීම වැළැක්විමේ අරමුණින් දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශයන් මත දිස්ත්‍රික්කය තුළ සහ දිස්ත්‍රික්කයෙන් පිට තාවකාලිකව සතුන් ප්‍රවාහනය කිරීම අත්හිටුවිමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි තීරණය කර තිබේ.

ඒ අනුව අද සිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ගව මස් අලෙවි වෙළඳසැල් තාවකාලිකව වසා තැබේ.

Related posts

ශානි හෙට ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment