විදෙස්

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ විස්කොන්සින් හි මිල්වෞකි නගරයේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙක් මියගොස් තිබේ.

වෙඩිකරුවාගේ ඉලක්කය වී ඇත්තේ නගරයේ පිහිටි මිලර්කෝස් විශ්වවිද්‍යාලය වන අතර සිද්ධියේදී ප්‍රහාරකයාද ජිවිතක්ෂයට පත්වූ බව  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් දහසක් පමණ සිටි බවට සඳහන්.

කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

රොබට් මුගාබේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 14 වෙනිදා

Mohamed Dilsad

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

Leave a Comment