දේශීයප්‍රමුඛ පුවත 1

ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) –  ගුරුවරු සහ විදුහල්පති වෘත්තිය සමිති 30 ක් අද (27) සිට පාසල් කාල සීමාව තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ඒ අනුව ඔවුන් ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ලබන මාර්තු මාසයේ දින 05ක වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

සිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30 ක් ඊයේ (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත්කළ අතර , ඒ හේතුවෙන් දිවයිනේ බොහොමයක් පාසල්වල අධ්‍යයන කටයුතු ද අඩාල වී තිබේ.

Related posts

මදුෂ්ගේ කල්ලියේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නීතිඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment