දේශීය

කොළඹ සිට බදුල්ල දක්වා දිනපතා විශේෂ දුම්රියක්

(UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට කටයුතු කර තිබේ.

රාත්‍රී තැපැල් දුම්රියේ ධාවන කාලසටහනට අනුව එම දුම්රිය ධාවනයට ප්‍රථම හෝ ඊට පසුව මෙම විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ දක්වාත් සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සී.බී.රත්නායක මහතා සඳහන්කර සිටියේය.

චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය එන්ජිම් සහ මැදිරි ධාවනයට එක් කිරීම සදහා මේ දිනවල එම දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පරීක්ෂණ චාරිකාවක් සදහා ධාවනය කරවූ බවත්, එම පරීක්ෂණ චාරිකාව සාර්ථකව නිම කල නිසා කඩිනමින් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනයට එක් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් රියදුරා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පැන්⁣ඩෝරා ලේඛන ගැන විමර්ශණ කරන්න – TISL

Mohamed Dilsad

Leave a Comment