දේශීය

පිළියන්දල තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

(UTV | කොළඹ) – පිළියන්දල, වෑවර හන්දිය ප්‍රදේශයේ පිහිටි තීන්ත කර්මාන්ත ශාලාවක අද(24) උදෑසන ගින්නක් හට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ එම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක මෙම  ගින්න හට ගෙන ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා මොරටුව හා දෙහිවල ගිනි නිවීමේ ඒකකයන්ගේ ගිනි නිවන රථ පිටව ගොස් ඇත.

ඊට අමතරව කැස්බෑව හා බොරලැස්ගමුව විදුලිබල මණ්ඩලයට අයත් ගිනි නිවන රථ දෙකක් ද එම ස්ථානයට ගොස් ගින්න මද පැවැත්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

ගින්න හටගත් ආකාරය මෙතෙක් හෙළිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

Mohamed Dilsad

මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

මාලිමාවට ඇති ජනතා කැමැත්ත තාවකාලිකයි

Editor O

Leave a Comment