දේශීය

ජල කප්පාදු තොරතුරු සඳහා SMS සේවාවක්

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වලට කඩින් කඩ ජලය සැපයීම පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කර තිබේ.

තම ජල බිල්පතේ මාසික ගාස්තුව , ජල බිල්පතේ හිඟ මුදල , ජල බිල්පත් නොගෙවීම නිසා ජලය විසන්ධි කිරීමේ දැන්වීම් සහ හදිසි ජල කප්පාදු පිළිබඳ තොරතුරු මෙමඟින් ජල පාරිභෝගිකයින්ට ලබා ගත හැකියි.

මෙම එස්. එම්. එස් සේවාව ලබා ගැනීම සඳහා ජල බිල්පතේ ගිණුම් අංකය යොදා 0719399999 අංකයට කෙටි පණිවුඩයක් යොමුකළ යුතු වන අතර මෙම සේවාව නොමිලේ ක්‍රියාත්මක වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

Mohamed Dilsad

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් ජාවාරමක් ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයි

Editor O

ඇමතිවරු හතකට නිල නිවාස

Editor O

Leave a Comment