දේශීය

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

තවද එම සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී හැඳුනුම්පත සකස් කර අවසන් වීමෙන් පසු ඒ පිලිබඳ එස් එම් එස් පණිවිඩයක් මගින් අයදුම්කරු වෙත දැනුම්දීමේ නව වැඩපිළිවෙලක් ද ඊයේ (20) සිට ආරම්භ කර තිබේ.

එක්දින සේවාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය කිහිපයක් එහි රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත් වේ.

කෙසේ වෙතත් මෙම නව වැඩපිළිවෙල හරහා මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ප්‍රකාශ කළේය.

Related posts

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

Mohamed Dilsad

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment