දේශීය

හිටපු හෝමාගම දිසා විනිසුරුට වසර 16 ක සිරදඬුවම්

(UTV | කොළඹ) – රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වරදකරුවන් වූ දෙදෙනාට රුපියල් 25000 ක දඩයක්ද නියම කෙරුණු අතර අල්ලස් ගත් රුපියල් ලක්ෂ 3 ක මුදල දන්ඩණයක් ලෙස අයකර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Related posts

මානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

Editor O

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

Leave a Comment