දේශීය

මහ මැතිවරණය අවසන් වු විගස පැරණි ක්‍රමයට පළාත් මැතිවරණය

(UTV | කොළඹ) – අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වන විට සකස් කරමින් තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය සමඟ එක්ව ඒ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ පරිශ්‍ර තුළ නඩු භාණ්ඩ වශයෙන් පවතින රථ වාහන, දැව ,රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජ සන්තක කරනු ලබන වැලි බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක 422 ට අනුව ,සුදුසු පරිදි නිශ්කාෂනය කිරීමට පෙර ඡායාරූප ගත කිරීම සදහා ඩිජිටල් කැමරා උපකරණ අධිකරණ 103 ක් සදහා බෙදාදීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

Related posts

ඊයේ ආසාදිතයන් 484 න් 55 දෙනෙකු පදිංචි ස්ථානය ගැන තොරතුරක් නැහැ

Mohamed Dilsad

ආපදාවෙන් හානිවූ මාර්ගවලින් සියයට 85%ක් වාහන ධාවනය විවෘතයි..!

Editor O

මැයි මාසයටත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment