දේශීය

එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්

(UTV | කොළඹ) – සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද(19) පැවැත්වෙයි.

පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින්නේ කුමන ලාංඡනයකින්ද යන්න පිළිබඳව දැඩි කතාබහකට ලක්වුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය සමගි ජන බලවේගය නමැති සන්ධානයෙන් හදවත ලකුණ යටතේ තරඟ කළ යුතු බවට යෝජනා කර තිබුණු අතර නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය ඊට පළ කර තිබුණේ දැඩි විරෝධයකි.

ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙපාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එහිදී දෙපාර්ශ්වයම එකඟ වී තිබෙන්නේ හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කිරීමටයි.

අද පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Related posts

නයිජීරියානු ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment