දේශීය

එම්.සී.සී අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට භාරදෙයි

(UTV | කොළඹ) – MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව  ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයන් වෙයි.

ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවතී. ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි.

සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

Related posts

ගෑස් 3,600 ක් රැගත් නෞකාවක් මෙරටට

Mohamed Dilsad

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

Leave a Comment