දේශීය

සතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්

(UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සති අන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ අනුව 20 වැනිදා රාත්‍රී 7.35ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් ධාවනය කරන බවත්, එම දුම්රිය 21 වැනිදා අලුයම 4.50ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දුම්රිය දෙකටම අදාළව කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමද සලසා දී තිබෙන අතර 23 වැනිදා රාත්‍රී 8.30 බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කෙරේ.

Related posts

මෙරට මුහුදු සීමා ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ධ තව දුරටත් අඩු කර ගැනීමට ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment