දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

(UTV | කොළඹ) – මෙරට එක්සත් ජනපද තානාපතිනිය විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණ තිබේ.

ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා තිබු සංචාරක තහනම පිළිබද සාකච්ඡා කිරීමටයි.

————————————————————————————————————-

විදේශ අමාත්‍ය සහ මෙරට අමෙරිකානු තානාපතිනී අතර හමුව අදයි

ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුව අද (16) දහවල් සිදුකිරීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අදාල හමුව පෙරවරුවේ පැවැත්වීමට නියමිතිව තිබුණ ද අමෙරිකානු තානාපතිවරිය දහවල් පැමිණෙන බවට සිදුකළ දැනුම් දීමට අනුව එය කල් දමනු ලැබු බවයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු තානාපතිවරියට මෙම කැඳවීම සිදුකර තිබේ.

 

Related posts

එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මරුට

Mohamed Dilsad

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක් – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment