දේශීය

ඉහළ පොලිස් නිළධාරීන් 14 කට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – තවත් ඉහළ පොලිස් නිළධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඒ අතරට , නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු , සහකාර පොලිස් අධිකාරීවරුන් හය දෙනෙකු ,ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු මේ අතර වෙයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ආර්. පී. ද අල්විස් මහතා මේ අනුව එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

Related posts

රන් මිල ස්ථාවරත්වයකට

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග කොටුකරයි

Mohamed Dilsad

කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්

Editor O

Leave a Comment