දේශීයප්‍රමුඛ පුවත 1

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

(UTV | කොළඹ) –  ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

එම මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් ලබාදීම සහ ඒ සඳහා සහායට ජාතික වැටුප් කොමිෂන් සභාවක් පත් කළ බවයි.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුතු එම කොමිසමේ සභාපතිවරයා ලෙස උපාලි විජේවීර මහතා නම් කර තිබේ.

මේ හේතුවෙන් 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මඟින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනු ඇති.

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වැටුප් හා වේතනවල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශ වල වැටුප්, වේතන ඇතුළු සියලු පරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ථ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම මෙහි අරමුණ වෙයි.

Related posts

වෙනිසියුලාවේ බොර තෙල් ආකර ඇමෙරිකාව අත්පත් කර ගනී.

Editor O

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලකට සහනයක්

Mohamed Dilsad

Leave a Comment