දේශීය

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

(UTV | කොළඹ) – ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද(14) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.

මෙම පිරිස අද දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.

Related posts

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

Editor O

කටුනායකින් ගුවන් ගත කළ යානයක්, හදිසි තත්ත්වයක් නිසා යළි කටුනායක ට ගොඩබායි

Editor O

Leave a Comment