දේශීය

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

(UTV | කොළඹ) – පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු වන බවයි.

72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා පසුගිය 05 වන දින සිට ලබාදී තිබු පොදු සමා කාලය ඊයේ (12) දිනයෙන් අවසන් විය.

එහිදී සැලකිය යුතු පිරිසක් යළි සේවයට වාර්තා කිරීම සතුටුදායක කරුණක් බවත් අනවසර ගිනි අවි භාරදීම සඳහා ලබාදී තිබු කාලය ද ඊයේ දිනයෙන් අවසන් වූ බවත් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලිත් අරඹයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..

Editor O

හිටපු ඇමති මර්වින් සිල්වා රිමාන්ඩ්

Editor O

Leave a Comment