දේශීය

උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය මෙවර උසස් පෙළ විභාගය සඳහා විෂයන් කිහිපයකට අදාළව වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර හෙවත් සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදීම කෙරෙහි යොමුව තිබේ.

උසස් පෙළ ගිණුම්කරණය , ජෛව පද්ධති තාක්ෂණවේදය , ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට සිසුන්ට මෙම අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය සඳහාද සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව මෙම වසරේ සිට ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 30,500 ඉක්මවයි

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

Leave a Comment