දේශීයප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයි

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද (12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබෙන බව ද අදාළ නිවේදනයේ සදහන් වෙයි.

වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පළිගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට ඇති බවත් අදාල නිවේදනයෙන් සදහන් කොට ඇත.

Related posts

ආණ්ඩුවේ වියදම මෙන්න

Editor O

පොකිරිස්සන් තොගයක් සමඟ ධීවරයන් 7 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment