දේශීය

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

(UTV | කොළඹ) –  පසුගියදා චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා මුදා හැරීමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම සිසුන් පිරිස දින 14 ක කාලයක් පුරාවට එම කඳවුරේ රැදී සිටියි.

මොවුන්ට කෝවිඩ් 19 වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කිරීමෙන් පසුව ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට හේතුවක් නොමැති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

මෛත්‍රීපාල සිරිසේන ත් නිල නිවසින් යයි

Editor O

ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ඉහළ ට

Editor O

Leave a Comment