දේශීය

සජිත්ගේ පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසම අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජන බලවේගය යනුවෙන් වෙනස් කිරීමට එම පක්ෂයේ නියෝජිතයින් කළ ඉල්ලීම විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කර ඇති අතර ලේකම්වරයා ලෙස සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි.

අපේ ජාතික පෙරමුණ දුරකතනය ලකුණ යටතේ පසුගිය මැතිවරණ කිහිපයකට ඉදිරිපත් වූ අතර ඩයනා ගමගේ එහි ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ.

මෙම නම් වෙනස් කිරීමට අදාල ලේඛණ පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයෙන් මැතිවරණ කොමිසම් සභාවේ ලේකම්වරයා වෙත බාර දෙනු ලැබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අදාල වෙනස් කිරීම් පිළිගන්නා බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය සිය ලකුණ ලෙස හදවත ඉල්ලා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹ නොමැති බවද වාර්තා වේ.

Related posts

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment