දේශීය

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

(UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පල කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පා ර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී විය.

Related posts

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගත හැකියි

Mohamed Dilsad

Leave a Comment